ඉන්දියාව තැනූ විශාලතම රොකට්ටුව උඩු ගුවනට



දිනෙක මිනිසුන් රැගෙන යෑමේ අරමුණින්, ඉන්දීය ඉන්ජිනේරුවන් විසින් නිර්මාණය කරනු ලැබූ විශාලතම රොකට්ටුව ඊයේ (5) සවස ගුවන්ගත කෙරුණි. රොකට්ටුව ගුවන්ගත කිරීම සාර්ථක වූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

ටොන් 640 ක් බර ‘ජී.එස්.එල්.වී.එම්.කේ 3’ යන නමින් මෙම රොකට්ටුව නම් කර ඇත. මෙම රොකට්ටුව ජම්බෝ ජෙට් ගුවන් යානා පහක් තරම් විශාල යැයි ද පැවැසෙයි.

ශ්‍රී හරිකොත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් සවස 5.28 ට රොකට්ටුව ගුවන්ගත කිරීමට නියමිතව තිබුණු බව ද වාර්තා විය. රොකට්ටුව නිර්මාණය සඳහා ඉන්දීය ඉන්ජිනේරුවන්ට වසර 15 ක් ගත වී ඇති බවත්, රොකට්ටුව මුලුමනින්ම ඉන්දියානු නිෂ්පාදනයක් බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS