ඉතියෝපියාවේ කුණු කන්දට 50 ක් යටවෙලා



අප්‍රිකාවට අයත් ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවරට ඔබේබන් පිහිටි දැවැන්ත කුණු කන්ද හිටිහැටියේ නායයෑමෙන් පුද්ගලයෝ 50 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

කුණු කන්ද පාමුල මුඩුක්කු නිවාස සංකීර්ණයක් පිහිටා ඇත. කන්ද නායයෑමෙන් මෙම මුඩුක්කු සංකීර්ණය මුළුමනින්ම වැසී ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

දශක පහකට වැඩි කාලයක් තිස්සේ එක් රැස් වුණු කසල වලින් මෙම කුණු කන්ද නිර්මාණය තිබුණු බව පැවැසෙයි. කන්ද පාමුල මුඩුක්කු නිවාසවල සිටි දිළිඳු වැසියන්ගේ ජීවනෝපාය වී ඇත්තේ ද මෙම කුණු කන්ද යැයි නගර බලධාරීහු පවසති.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS