ඉතාලියේ කොරෝනා මරණයක්



ඉතාලියේ පළමු කොරෝනා වයිරස මරණය ඊයේ (21) වාර්තා විය. මියගොස් ඇත්තේ පඩුවා නමැති නගරයේ ප්‍රතිකාර ලබන්න වූ කොරෝනා ආසාදිතයකු බව පැවැසෙයි.

මියගිය තැනැත්තා අවුරුදු 78 ක් වයසැති තැනැත්තකු බව ද ඉතාලි සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. මේ වනවිට ඉතාලියෙන් හමුවුණු ‘කෝවිඞ් 19’ ආසාදිතයන් ගණන 20 කි.

මේ අතර ඉතාලියේ නගර 10 ක ප්‍රසිද්ධ ස්ථාන වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත. ඒ, වයිරසය පැතිරීම වැළැක්වීමේ අරමුණ ඇතිවය. 50,000 කට වැඩි පිරිසකට නිවෙස්වලට වී රැකියාව කිරීමට අවසර හිමිවී ඇති බව ද වාර්තා වේ. ප්‍රසිද්ධ ස්ථානවල ජනතාවට එක් රොක් වීම තහනම් කර.

දේවස්ථානවල දේව මෙහෙය, මංගල උත්සව ඇතුළු වෙනත් උත්සව, සංදර්ශන ආදිය නවත්වා ඇතැයි ඉතාලි බලධාරීන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS