ඇෆ්ගන් සෙබළුන්ට යුද අපරාධ චෝදනා



ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ නිලධාරීන්ගේ සහාය ලැබූ ඇෆ්ගන් හමුදාවේ ප්‍රහාරක බළඇණියට අයත් සොල්දාදුවන්, යුද අපරාධ කළ බවට චෝදනා එල්ල වී ඇත.

හිතුමතේ කළ ඝාතන සහ පුද්ගලයන් අතුරුදන් කිරීම ආදී චෝදනා රැසක්, සී.අයි.ඒ. සහාය ලැබූ ඇෆ්ගන් සොල්දාදුවන්ට එල්ල වී ඇතැයි ජගත් මානව හිමිකම් සුරැකීමේ සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඇෆ්ගන් රජයේ හමුදාවට එල්ල වන මෙම චෝදනා සම්බන්ධයෙන් ඇෆ්ගන් රජය කිසිදු ප්‍රකාශයක් කර නැති බව ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS