ඇෆ්ගන් ජනපති හමුවක්



අමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් මහතා සහ ඇෆ්ගනිස්ථාන ජනාධිපති මෙහොමඩ් අස්රෆ් ගනී මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

දැනට ඇෆ්ගනිස්ථානයේ සංචාරයක නිරත ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙහිදී  ඇෆ්ගනිස්ථානය සහ අවට කලාපය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව කලාපීය ආරක්ෂාව සහ සාමය පිළිබඳවත් ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ සහ දිස්ත්‍රික් මැතිවරණ සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබේ.

( තිළිණි ද සිල්වා )

අල් ජසීරා ඇසුරෙනි.


RECOMMEND POSTS