ඇස්ට්‍රාසෙනකා සදහටම නවත්වයි



රුධිරය කැටි ගැසීම හේතුවෙන්, තමන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතය මුළුමනින්ම නවතා දැමූ බව යුරෝපයට අයත් ස්කැන්ඩිනේවියානු රටක් වන ඩෙන්මාර්කය පවසයි.

ඒ අනුව, රුධිර කැටි ගැසීම් ඇතිවීම සැලකිල්ලට ගනිමින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත සම්පූර්ණයෙන් නවතා දැමූ පළමු රට ඩෙන්මාර්කයයි. 

ඇස්ට්‍රා සෙනකා එන්නත භාවිතයට ගැනීමේ දී කලාතුරකින් රුධිරය කැටි ගැසීම් ඇතිවෙනවා යැයි මේ වනවිට යුරෝපා ඖෂධ පාලන අධිකාරිය ද තහවුරු කර තිබේ. 

එසේ රුධිර කැටි ඇතිවීම දුර්ලභ තත්ත්වයක් බවත්, ඒ ගැන වද නොවී එන්නත දිගටම ලබා දෙන ලෙසත් වනවිට යුරෝපා ඖෂධ පාලන අධිකාරිය යුරෝපා රටවලට දන්වා ඇත.

එසේ වුවත් යුරෝපා රටවල් කීපයක් එන්නත තාවකාලිකව නවතා දමා ඇත. ඩෙන්මාර්ක සෞඛ්‍ය බලධාරීන් තීරණය කළේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිතය තාවකාලිකව නොව සම්පූර්ණයෙන් ම නවතා දැමීමටය. 

මේ අතර ඉතාලියෙන් ද පසුගිය දා මරණ 4 ක් වාර්තා විය. ඒ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමෙන් යැයි මේ වනවිට සනාථ වී තිබේ. 

 

(රොයිටර්)


RECOMMEND POSTS