ඇස්ට්‍රාසෙනකා තහනම දිගටම



කැනඩාවත් ජර්මනියත් එරට අවුරුදු 60 ට වැඩි අයට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා නොදීමට ගත් තිරණය වෙනස් නොකරන බව පවසයි.

කැනඩා සහ ජර්මනිය මෙසේ පවසා ඇත්තේ, අවුරුදු 60 ට වැඩි අයට එන්නත නොදීමට ගත් තීරණය වෙනස් කරන්නැයි ‘ඇස්ට්‍රාසෙනකා’ ඖෂධ නිෂ්පාදන සමාගම සහ ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීම නොසලකා හරිමිනි.

ජර්මන් සෞඛ්‍ය බලධාරීන්, එරට ඇස්ට්‍රාසෙනකා එනන්නත 60 ට වැඩි අයට ලබා නොදීමට තීරණය කළේ, මිලියන 2.7 කට ඇස්ට්‍රාසෙනකා එන්නත් ලබා දී තිබියදීය.

එන්නත ලබා ගත් 60 වැඩි 31 දෙනකු රුධිරය කැටි ගැසීම හේතුවෙන් රෝහල්ගත කළ බව පැවැසෙයි. ජර්මන් සෞඛ්‍ය අංශ එන්නත නවතා දැමීමට තීරණය කළේ එහෙයිනි.

රුධිර කැටි ගැසීම් හේතුවෙන් මීට පෙර කැනඩා සෞඛ්‍ය අංශ එරට 55 ට අඩු අයට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා නොදීමට තීරණය කර තිබුණි.

කෙසේ නමුත් ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත සම්බන්ධයෙන් කළ පුළුල් අධ්‍යයනයකින් පසු, මේ වනවිට එන්නත ලබා නොදෙන්නේ අවුරුදු 60 ට වැඩි කැනඩා වැසියන්යෙ. 60 අඩු කැනඩා වැසියන්ට ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ එන්නත ලබා දීම සිදුවෙයි.

බර්ලීනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS