ඇමෙරිකාවේ ලක්ෂ දෙකක් වයිරසයට බිලි වේවි



ඇමෙරිකාවේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස මරණ සංඛ්‍යාව ලක්ෂ දෙකක් දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතින බව එරය වසංගත රෝග අංශයේ ප්‍රධානී ඇන්තනී ෆෝසී, සී.එන්.එන්. රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අනතුරු ඇඟවීමක් කළේය.

මේ වනවිට ඇමෙරිකාවේ වයිරසය දරුණු ලෙස පැතිරෙන්නේ නිව්යෝක් සහ නිව් ඕර්ලන්ස් යන ජනපදවලය. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට පත් කළ කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ඇන්තනී ෆෝසී ය.

මේ වනවිටනිව්යෝක් ජනපදයෙන් කෝවිඞ් වයිරස මරණ සංඛ්‍යාව 800 දක්වා ඉහළ ගොම් තිබුණි. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 2,500 ඉක්මවා ගොස් ඇත. එමෙන්ම වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 4,856 ක් බව ද වාර්තා වේ.

වෙෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS