ඇමෙරිකාවේ ප්‍රාථමික පාසලක වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන් බර්නැන්ඩියෝ ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

වෙඩි තැබීම කළ තැනැත්තා 53 හැවිරිදි සෙඞ්රික් ඇන්ඩර්සන් යැයි පසුව හඳුනා ගැණින. ඔහු වෙඩි තබා ඇත්තේ ඔහුගේ බිරිය කැරීන් එලේන්ටය. 53 හැවිරිදි කැරීන් එලේන්, නෝර්ත් පාර්ක් නමැති එම ප්‍රාථමික පාසලේ ගුරුවරියකි.
බිරිය කැරීන්ට එල්ල කළ වෙඩි පහරට, කැරීන්ගේ පංතියේ සිටි 8 හැවිරිදි දරුවෙක් ද ගොදුරු විය. වෙඩි ප්‍රහාරයට ලක් වූ අට හැවිරිදි දරුවා ජොනතන් මාටිනේස්ය.

මාටිනේස්, ගුවනින් රෝහල් ගත කිරීමට කටයුතු කළ නමුත් රෝහලට ඇතුළත් කරද්දී මියගිය බව වාර්තා විය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තවත් නව හැවිරිදි සිසුවකු ද රෝහල් ගත කෙරුණු බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර තිබේ.

පවුල් ආරවුලක් මුල්කොට ගනිමින්, කෝපයට පත් සෙඞ්රික් සිය බිරියට වෙඩි තැබුවේ යැයි තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි. සෙඞ්රික් පාසලට ඇතුළු වී ඇත්තේ ගිනි අවිය සඟවා ගෙනය. ඇය බිරිය කැරීන් උගන්වමින් සිටි පංතිය වෙත ගොස් ඇයට වෙඩි තබා ඇත්තේ ඉන්පසුවය.

කැරීන් එලේන් ස්මිත්ගේ පංතියේ ඉගෙනුම ලබන්නේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිරිසකි. වෙඩි තැබීම සිදුවෙද්දී පංතියේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 15 දෙනකු අධ්‍යාපනය ලබමින් සිටි බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී./ඬේලිමේල්)


RECOMMEND POSTS