ඇමෙරිකාවේ න්‍යෂ්ටික බලය ඉහළ නංවනවා ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්



 

න්‍යෂ්ටික බලයේ තරම සහ විනාශය ගැන ලෝකයේ සෙසු රටවලට තවමත් නිසි දැක්මක් හෝ අවබෝධයක් නොමැති බවත්, එසේ හරි අවබෝධයක් ලැබෙන තුරු ඇමෙරිකාව රටේ න්‍යෂ්ටික බලය ශක්තිමත් කර පුළුල් කිරීමට පියවර ගන්නා බවත් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමට නියමිත ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.
ලබන ජනවාරි 20 වැනිදා දිවුරුම් දීමට කියමිත ට්‍රම්ප් මෙසේ කියා සිටියේ ඇමෙරිකාවේ න්‍යෂ්ටින ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රතිඥාවක් ද දෙමිනි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද පවසා ඇත්තේ රුසියාවේ න්‍යෂ්ටික බලය වැඩි කරන බවය. ඇමෙරිකාවේ න්‍යෂ්ටික බලය ද වැඩි කරන බව ට්‍රම්ප් පැවැසුවේ එම ප්‍රකාශයෙන් පැය 24 ක් ගතවීමට පෙර යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


RECOMMEND POSTS