ඇමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස්



 (ඒ.එෆ්.පී/රොයිටර්)
ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ජෙනරාල් ජේම්ස් මැටිස් පත් කිරීමට එරට නව ජනාධිපති ලෙස තේරී පත්වූ ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇත. 
ජෙනරාල් ජේම්ස් මැටිස් යනු හිටපු විශේෂ පුහුණුව ලැබූ ‘මරයින්’ යනුවෙන් හැඳින්වෙන නාවුක සෙබළෙකි. ඔහු ඉරාකයේ සහ ඇමෙරිකාවේ යුද මෙහෙයුම්වලට සම්බන්ධ වූවෙකි. 
ජෙනරාල් මැටිස් ආරක්ෂක ලේකම්ධුරයට අප සතුව සිටින වඩාත්ම සුදුසුම පුද්ගලයා යැයි ට්‍රම්ප් ඔහියෝ හිදි පැවසීය.
‘මෑඞ් ඩෝග්’ යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන ජෙනරාල් මැටිස් ඔබාමා පරිපාලනයත්, ඔබාමාගේ පරිපාලනයේ මැද පෙරදිග ප්‍රතිපත්තියත් දැඩි ලෙස විවේචනය කළේය. ඔහු ඔබාමා ඉරානය සමඟ පැවත්වූ සබඳතා සම්බන්ධයෙන් ද නොසතුට පළ කළේය. මැද පෙරදිග ස්ථාවරත්වයත් සාමයටත් බාධා කරන්නේ ඉරානය යැයි ද ඒ සඳහා ඇති එකම බාධාවද ඉරානය යැයි ඔහු අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කළේය.

RECOMMEND POSTS