ඇමෙරිකාවට සයිබර් ප්‍රහාරයක්



ඇමෙරිකාවේ ඔහියෝ ජනපදයේ රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කර ගනිමින් සයිබර් ප්‍රහාරයක් එල්ල විය. වෙබ් අඩවි කටයුතු සයිබර් ප්‍රහාරය හේතුවෙන් මුළුමනින්ම අකර්මණ්‍ය විය.

සයිබර් ප්‍රහාරයක් යනු පරිගණක විශේෂඥයන් හෙවත් හැකර්වරුන් අන්තර් ජාල යොදා ගනිමින් පරිගණක පද්ධති අඩපණ කිරීමය. ඔහියෝ ජනපදයේ ආණ්ඩුකාර ජෝන් කෂික්ගේ නිල වෙබ් අඩවිය ද සයිබර් ප්‍රහාරයෙන් අක්‍රිය වී ඇතැයි ද වාර්තා වේ.

ප්‍රහාරය පසුපස සිටින්නේ ‘ටීම් සිස්ටට් ඩීසෙඞ්’ නමැති හැකර් කල්ලිය යැයි ද පැවැසෙයි. මොවුන් මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඉස්ලමීය අන්තවාදීන් සමඟ අත්වැල් බැඳගනිමිනි. ‘ඉස්ලාමීය රාජ්‍යයට ආදරෙයි’ යනුවෙන් ද සයිබර් ප්‍රහාරය සමඟ නිවේදනයක් නිකුත් කරමින් හැකර්වරුන් පවසා ඇත.

මුස්ලිම් රටවල මුස්ලිම්වැසියන්ගේ ලේ සොලවන ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් පළිගැනීමට සයිබර් ප්‍රහාරය එල්ල කරනවා යැයි ප්‍රහාරය එල්ල කළ කල්ලිය නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS