ඇමෙරිකාව සමඟ ගනුදෙනු එපා



ඇමෙරිකාව සමඟ පවත්වන සබඳතා සීමා කරන්නැයි මෙක්සිකෝ ජනාධිපති එන්රීකේ පිනා නීටෝට සිය රජයෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

මෙක්සිකෝව ඇමෙරිකාවේ අසල්වැසියාය. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති වෙද්දී, දුන් ඡන්ද පොරොන්දුවක් නම්, මෙක්සිකෝ ඇමෙරිකා දේශසීමාවේ තාප්පයක් ඉදිකරන බවය.

එසේ තාප්පයක් ඉදිකරන්නේ මෙක්සිකෝවෙන් ඇමෙරිකාවට අපරාධකරුවන් සහ මත්කුඩු පැමිණීම වැළැක්වීමටය. මෙම තාප්පය ඉදිකිරීමට වැයවන මුදල මෙක්සිකෝ රජයෙන් අය කර ගැනීමට ට්‍රම්ප් සැරැසෙයි.

මෙක්සිකෝ ජනාධිපතිවරයා සහ රජය මීට දැඩි ලෙස විරෝධය දක්වයි. අවස්ථා දෙකකදී ට්‍රම්ප් හමුවීම මෙක්සිකෝ ජනාධිපති විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ද මේ හේතුව නිසාය.

ට්‍රම්ප් මෙක්සිකෝ ජනතාවට ගරු කළ යුතු බවත්, එසේ නොකරන හෙයින් මෙක්සිකෝව ඇමෙරිකාව සමඟ පවතින සබඳතා අඩු කළ යුතු බවත් මෙක්සිකෝ ඇමැතිවරු ජනාධිපති පෙනා නීටෝ ට දන්වා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS