ඇමෙරිකා වියට්නාම් හමුදා සබඳතා



අතීතයේ පසමිතුරන් වුණු, ඇමෙරිකාව සහ වියට්නාමය අතර හමුදා සබඳතා ශක්තිමත් කර ගැණුනු බව ඇමෙරිකන් පුවත් සේවා පසුගිය දා  වාර්තා කළේය.

දෙරට අතර මෙසේ සහයෝගීතා ඇති කර ගැනුනේ, වියට්නාම් ආරක්ෂක ඇමැති ජනරාල් න්ගෝ සියුආන් ලිච් ප්‍රමුඛ එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ජේම්ස් මැතිස් අතර ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ  පැවැති සාකච්ඡාවලින් පසුවය.

පෙන්ටගනයට පැමිණි, වියට්නාම් ආරක්ෂක ඇමැති ජනරාල් න්ගෝ සියුආන් ලිච් හමුදා ගෞරව මැද උණුසුම් ලෙස පිළිගැනීමට ඇමෙරිකන් රජය කටයුතු කර තිබුණි.

දකුණු චීන මුහුදේ ආධිපත්‍ය පතුරුවා සිටින චීනයේ බලපෑමකින් තොරව, නාවික කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් වියට්නාම් ආරක්ෂක ඇමැති සහ ඇමෙරිකන් ආරක්ෂක ලේකම්වරයා අතරේ දීර්ග වශයෙන් සාකච්ඡා කෙරුණි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS