ඇමෙරිකා රාජ්‍ය ලේකම් මියන්මාරයේ



මියන්මාරයේ සංචාරයක නියැලි ඇමෙරිකා රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් එරට නිල නොවන නායිකා අවුන් සාන් සූ කී හමුවී රොහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා උණුසුම් ලෙස පිළිගැනීමට සූ කී ප්‍රමුඛ මියන්මාර රජය කටයුතු කළ අතර, සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඉන්පසුවය.

සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ටිලර්සන් කියා සිටියේ රොහින්ග්‍යා සුළු ජාතික මුස්ලිම් වැසියන් මුල්කොට ගනිමින් හටගත් අර්බුදය විසඳීමට නම් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බවය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS