ඇමෙරිකා යුද නැවක් දකුණු චීන මුහුදට



ඇමෙරිකා නාවික හමුදාවට අයත් ප්‍රහාරක නෞකාවක් දකුණු චීන මුහුදට සේන්දු වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

දකුණු චීන මුහුදට යාත්‍රා කළේ ප්‍රෙබල් නමැති ප්‍රහාරක නෞකාවය. නෞකාව දකුණු චීන මුහුදට සේන්දු වූයේ, සුපුරුදු පරිදි සිදු කරන නාවික මෙහෙයුමකට සම්බන්ධ වීමට යැයි ඇමෙරිකන් නාවික හමුදාව පවසා ඇත.

කෙසේ නමුත් චීනය පවසා ඇත්තේ ඇමෙරිකන් නෞකාව සම්බන්ධයෙන් තමන් දැඩි විමසිල්ලෙන් පසුවන බවය. මේ වනවිට ඇමෙරිකාවත් චීනයත් අතර ‘වෙළෙඳ යුද්ධයක්’ පවතී.

ඒ, ඇමෙරිකාව චීනයටත්, චීනය යළි ඇමෙරිකාවටත් තීරු බදු පනවා ඇති නිසාය. ඇමෙරිකාව, චීනයේ හුවාවි සමාගම ඔවුන්ගේ අසාදු ලේඛනයට ඇතුළත් කර තිබෙන්නේ ද මෙම වෙළෙඳ යුද්ධය හේතුවෙනි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS