ඇමෙරිකා තලෙබාන් සාමකතා සාර්ථක වන ළකුණු



ඇමෙරිකන් රජයේ නියෝජිතයන් සහ තලේබාන් සංවිධානයේ නියෝජිතයන් අතර පැවැත්වෙන සාමකතා සාර්ථක වෙමින් පවතින බව වාර්තා වේ.

සාම කතා පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහාය. සාමකතා පැවැත්වෙන්නේ වසර 18 ක් තිස්සේ දුරදිග ගිය ඇෆ්ගන් අර්බුදයට දේශපාලනික වශයෙන් විසඳුමක් සෙවීමටය.

තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි ප්‍රකාශක සුහායිල් ෂෂීන් කියා සිටියේ, සාකච්ඡාවලින් සියයට 90 ක් පමණ සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබුණු බවය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS