ඇමෙරිකා ජනපතිවරණයේ රුසියානු සයිබර් ප්‍රහාරයක් ඇත්තක් !



ඉකුත් නොවැම්බර් 8 වැනිදා පැවති ඇමරිකානු ජනපතිවරණයට රුසියානු සයිබර් ප‍්‍රහාරයක් එල්ලවු බව සී.අයි.ඒ බුද්ධි අංශ සනාථ කරගෙන ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සී.අයි.ඒ ජ්‍යේෂ්ඨ නිලධාරින්, කොංග‍්‍රසයේ විශේෂ ත‍්‍රිපුද්ගල කමිටුවක් හමුවේ ඒ පිළිබඳව දිවුරුම් ප‍්‍රකාශ ලබාදුන්නා.මේ සම්බන්ධයෙන් සකස් කෙරෙන වාර්තාව අද ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතට පත්කිරීමට නියමිතයි.

මේ දිවුරුම් ප‍්‍රකාශ සම්බන්ධව සිය ටුවිටර් ගිණුමේ සටහනක් තැබු ට‍්‍රම්ප් කියා සිටින්නේ තමා බුද්ධි අංශ නිලධාරින්ගේ හොද රසිකයෙක් වන නමුත් ජනාපතිවරණය හා රුසියානු සයිබර් ප‍්‍රහාර පිළිබඳව ඔවුන් සිදුකළ හෙළිදරව් සහ වාර්තා සැක සහිත බවයි.

මෙම දිවුරුම් ප‍්‍රකාශ ලබාදිම සඳහා ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ ජේම්ස් ක්ලැපර් ජාතික ආරක්ෂක ඒජන්සි අධ්‍යඛ්ෂ මයික් රොජ්ර්ස් සහ බුද්ධි අංශ සඳහා වු ආරක්ෂක රාජ්‍ය ලේකම් මාසෙල් ලේට්රේ ඊයේ සෙනෙට් සන්නද්ධ සේවා කමිටුව හමුවේ පෙනි සිටියේය.එහි මුලසුන දරන්නේ ජනපති පුටින්ගේ දැඩි විවෙචකයකු වන රිපබ්ලිකන් පාක්ෂික ජෝන් මැකේන්.

අලූත්ම වාර්තා සඳහන් කර ඇත්තේ රටේ ආර්ක්ෂාව උදෙසා දිවිහිමියෙන් කටයුතු කරනා බුද්ධි අංශ නිලධාරින් හා ඔවුන්ගේ වාර්තා හෑල්ලූවට ලක්කරනා ඩොන්ල්ඞ් ට‍්‍රම්ප්ගේ මනස මෙතෙක් ළදරු අවධියේ වැඩෙමින් තිබෙව බව උප ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇති බවයි

 


( තිළිණි ද සිල්වා )
අල් ජසීරා ඇසුරෙනි..

 


RECOMMEND POSTS