ඇමෙරිකන් හමුදාවට ට්‍රම්ප්ගෙන් පැසැසුම්



වොෂින්ටන් අගනුවර ලින්කන් ස්මාරකය අභියස නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතමින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකන් හමුදාව පැසැසුමට ලක් කළේය.

ඇමෙරිකා නිදහස් දිනය ඊයේ (4) යෙදී තිබුණි. නිදහස් දිනය සමරමින් හමුදා පෙළපාළියක් පැවැත්වුණු අතර ට්‍රම්ප් ජාතිය ඇමතුවේ ඉන්පසුවය.

ඇමෙරිකන් නිදහස් දිනය දා හමුදා පෙළපාළියක් පැවැත් වූ සහ ජනපතිවරයා එදින  ජාතිය ඇමතූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙන බව ඇමෙරිකන් පුවත් සේවා පෙන්වා දෙයි. ජූලි 4 වැනිදා ඇමෙරිකාව නිදහස සමරන්නේ 1779 ජූලි 4 වැනිදා බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබීම වෙනුවෙනි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS