ඇමෙරිකන් මැරීන් සොල්දාදුවෝ 300 ක් ආපසු ඇෆ්ගනිස්තානයට



ඇෆ්ගන් යුද්ධය අවසන් වුවත්, ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඞ් පළාතට ඇමෙරිකන් මෙරීන් සොල්දාදුවන් 300 ක බළඇණියක් යැවීමට ඇමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය තීරණය කඑ ඇතැයි වාර්තා වේ.

මෙම බළඇණිය යැවෙනු ඇත්තේ ඇෆ්ගන් හමුදාවට සහාය දීමට බවත්, ඇෆ්ගන් හමුදාව පුහුණු කිරීමේ කටයුතුවලට ද ඔවුන් සම්බන්ධ වනු ඇති බවත් පෙන්ටගනය වැඩි දුරටත් කියා සිටී.

මෙම බළඇණිය හෙල්මන්ඞ් පළාතේ මාස 9 ක කාලයක් පමණක් රැඳී සිටිනු ඇති බවත් පෙන්ටගනය වැඩි දුරටත් පවසා ඇත. මෙම බළඇණිය යුද මෙහෙයුම්වලට සම්බන්ධ නොවනු ඇති බවට පෙන්ටගනය සහතික වී ඇතැයි ද වාර්තා වේ.

 

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS