ඇමෙරිකන් ජනපතිගේ කනස්සල්ලට



මියන්මාර ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින්, පසුගිය 27 වැනිදා මියන්මාර සිවිල් වැසියන් 107 දෙනකු ජීවිතක්ෂයට පත්වීම, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ දැඩි කනස්සල්ලට හේතුවක් වී තිබේ.

මියගිය එම 107 දෙනා අතර කුඩා දරුවන් 7 දෙනකු සිටින බව ද පැවැසෙයි. මියන්මාරය අතීතයේ හැඳින්වූයේ බුරුමය යන නමින් හැඳින්වුණු අතර, ඇමෙරිකාව තවමත් මියන්මාරය හඳුන්වන්නේ ‘බුරුමය’ යන නමිනි.

‘එක් දිනක් ඇතුළත බුරුම වැසියන් 107 ක් මියගියා. කුඩා දරුවන් 7 දෙනකු ඒ අතරේ සිටිනවා. ඒක මහා අපරාධයක්’ යැයි ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පැවැසුවේ ඩෙලවෙයාර් ජනපදයේ සිටය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS