ආසියානු ඇමෙරිකානුවෝ වීදි බසිති



ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර ආසියානු ඇමෙරිකානුවන් විරෝධතා රැලියක් පැවැත්වූහ. ඇට්ලැන්ටා නුවර වෙසෙන ඇමෙරිකන් ආසියානුවෝ සිය ගණනක් දෙනා ඊට සහභාගී වූහ.

විරෝධතාව පැවැත්වූයේ පසුගිය දා සිදුවුණු වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙනි. පසුගිය 18 වැනිදා ඇට්ලැන්ටා නුවර සම්හාහන මධ්‍යස්ථාන තුනක සේවය කරමින් සිටි ආසියානු කාන්තාවන් සය දෙනකු වෙඩි තබා ඝාතනය කෙරුණි.

වෙඩි තැබීම කළේ 21 හැවිරිදි සුදු අන්තවාදී තරුණයෙකි. එය ඇමෙරිකාවේ ආසියානුවන් ඉලක්ක කර ගනිමින් කළ ප්‍රහාරයක් බව පරීක්ෂණවලදී තහවුරු වුණු අතර, වෙඩි තැබීම් කළ තරුණයාට පුද්ගල ඝාතන චෝදනා එල්ල විය.
ඇමෙරිකාවේ ආසියානුවන් ඉලක්ක කර ගනිමින් සිදුවුණු එම වෙඩි තැබීම හෙලා දකිමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් විශේෂ ප්‍රකාශයක් ද සිදු කර තිබේ.

ජෝර්ජියාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS