ආමේනියා-අසර්බයිජාන් ගැටුම් උත්සන්න වෙයි



ආමේනියාව සහ අසර්බයිජානය අතර හටගත් යුද ගැටුම් දිනෙන් දින උත්සන්න වන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පවසයි.

ගැටුම් නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවස්ථා කීපයකදී, ගැටුම් නවත්වන්නැයි කළ ඉල්ලීමට ආමේනියාව හෝ අසර්බයිජානය හෝ කන් දී නොමැති බව ද පැවැසෙයි.

ආමේනියාව සහ අසර්බයිජානය අතර අර්බුදයක් හටගෙන ඇත්තේ දෙරටම අයිතිය ඉල්ලන නගොර්නෝ කරබාක් ප්‍රදේශය මුල්කොට ගනිමිනි.

මෙම ප්‍රදේශය පිහිටා ඇත්තේ අසර්බයිජානයට අයත් සීමාවේ වන නමුත් මෙම ප්‍රදේශයේ වාසය කරන බහුතරය ආමේනියානුවන්ය. ජාත්‍යන්තරයේ පිළිගැනීම වන්නේ නගොර්නෝ කරබාක් අසර්බයිජානයට අයත් ප්‍රදේශයක් බවටය.

බකුහිදීය (රොයිටර්)


RECOMMEND POSTS