ආජන්ටිනාව දිගටම නිරෝධායනයේ



ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන ආජන්ටිනාව, දිගටම නිරෝධායනයේ තැබීමට එරට ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඬේස් තීරණය කර ඇත.

මාර්තු අවසන් වෙද්දී මුළු රටම නිරෝධායනය කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණු අතර, එම නිරෝධායන ක්‍රියාවලිය අප්‍රේල් 12 දක්වා දීර්ග කිරීමට තීරණය කර ඇත.

ආජන්ටිනාවෙන් මේ වනවිට වයිරස ආසාදිතයන් 850 ක් වාර්තා වේ. මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS