අවසන් වරටත් ඔබාමාගෙන් කළුකුමාට අභයදානය



 

 

 (ඬේලිමේල් ඇසුරිනි)
ඇමෙරිකාවේ සම්ප්‍රදායකට අනුව, ‘තුතිපුද කිරීමේ’ උත්සවය වෙනුවෙන් මරණයට කැපවන කළුකුමකු ධවල මන්දිරයට ගෙනත් ඌට අභයදානය දීමට ඇමෙරිකා ජනාධිපති කටයුතු කරයි. 
ඒ අනුව, මෙවර ද ධුරයෙන් සමුගන්නා ඇමෙරිකන් ජනපති බැරැක් ඔබාමා ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකයන් සහ මාධ්‍යවේදීන් ද පිරිවරාගෙන ඔබාමා කළුකුමකුට අභයදානය ලබා දුන්නේය.
ඔබාමා 2008 වසරේ ජනපති ධුරයට පත් වූ අවස්ථාවේ පටන් සෑම වසරකම මෙම සම්ප්‍රදායට ගරු කර ඇත. ඔබාමා මේ වසරේ, ධුරයෙන් සමුගැනීමට නියමිත අතර, ඔබාමා මෙසේ කළුකුමකුට අභයදානය දෙන්නේ අවසන් වරට යැයි ධවල මන්දිරය වාර්තා කර ඇත. මෙවර මෙම අවස්ථාවට ඔබාමාගේ දියණියන් දෙදෙනා සහභාගී නොවුණු නමුත් ඔබාමාගේ ඥාති පුතුන් දෙදෙනකු සහභාගී වුණු බව ධවල මන්දිරය වාර්තා කර තිබේ.

RECOMMEND POSTS