අර්බුදය විසඳන්න විදෙස් මැදිහත්වීමක්



ආමේනියාව සහ අසර්බයිජානය අතර, නගොර්නෝ කරබාක් පළාත මුල්කොට ගනිමින් හටගත් යුද ගැටුම් අවසන් කිරීමට මැදිහත් වන බව රුසියාව, ප්‍රංශය සහ ඇමෙරිකාව පවසයි.

රුසියාව, ප්‍රංශය සහ ඇමෙරිකාව පවසා ඇත්තේ එදිරිවාදිකම් පසෙකලා තමන් ආමේනියා අසර්බයිජාන අර්බුදයට මැදිහත් වන්නේ දෙරට අතර සටන් විරාමයක් ආරම්භ කිරීමට බවය.

මේ අතර නේටෝ මහ ලේකම් ජනරාල් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් පවසා ඇත්තේ හටගත් යුද ගැටුම් කඩිනමින් අවසන් කර සටන් විරාසයකට යා යුතු බවය. රුසියාවේ සහාය ආමේනියාවට හිමිවන අතර ඇමෙරිකාව සහ නේටෝවේ සහාය හිමිවන්නේ අසර්බයිජානයටය.

නගොර්නෝ කරබාක් පළාත පිහිටා ඇත්තේ අසර්බයිජානයේය. එසේ වුවත් නගොර්නෝ කරබාක් පළාතේ වෙසෙන බහුතරය ආමේනියානු වැසියන් බව පැවැසෙයි. සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ ආමේනියාව සහ අසර්බයිජානය ඊට අයත් පළාත් දෙකක් විය.

මොස්කව්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS