අයිෆල් කුලුන හදිසියේ වසයි



ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුලුන සංචාරකයන්ට වසා දමා එහි සෑම අස්සක් මුල්ලක්ම සෝදිසි කළ බව පැරිස් පොලිසිය පවසයි.

කුලුන වසා දැමීමටත්, එය සෝදිසි කිරීමටත් හේතුවක් වී ඇත්තේ නානඳුනන පුද්ගලයන් දෙදෙනකු අනවසරයෙන් කුලුනේ ඉහළට නැග ඇති නිසා යැයි පැවැසෙයි.

අයිෆල් කුලුන ප්‍රංශයේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයයි. කුලුන මුදුනේ අවන්හලක් ද ඇත. එම අවන්හල පසු කර ඉහළට යෑම සංචාරකයන්ට තහනම් කර තිබේ.

පැරිසියේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS