අයිවරි කෝස්ට් අගමැති අභාවප්‍රාප්ත වෙයි



අප්‍රිකාවට අයත් අයිවරි කෝස්ට් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය හමාද් බකයෝකා අභාවප්‍රාප්ත විය.

අග්‍රාමාත්‍යවරයා අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කළේ අයිවරි කෝස්ට් ජනාධිපති ඇලසානේ ඔවටාරාය. ඒ, ට්විටර් නිවේදනයක් මගිනි.

හමාද් බකයෝකා ජනාධිපති ඇලසානේ ඔවටාරාගේ සමීපතමයෙකි. බකයෝකා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ද ජනාධිපතිවරයා විසිනි. ඒ, මීට මාස 8 කට පෙරය.

පිළිකා රෝගියකු වූ අග්‍රාමාත්‍ය බකයෝකා මියගියේ ජර්මනියේ ෆ්‍රෙයිබර්ග් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දීය. අග්‍රාමාත්‍යවරයාගේ වයස අවුරුදු 56 ක් යැයි පැවැසෙයි.

අග්‍රාමාත්‍ය බකයෝකා, පිළිකා රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ජර්මනියට ගියේ පසුගිය පෙබරවාරි 15 වැනිදාය.

අග්‍රාමාත්‍ය හමාද් බකයෝකාගේ අඩුව පුරවමින් අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස ටේනේ බිරහිමා ඔවටාරා නම් කිරීමට ද අග්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇතැයි අයිවරි කෝස්ට් මාධ්‍ය සඳහන් කර තිබේ.

අබිජ්ජාන් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS