අයි.එස්.සංවිධානය චීන ජාතිකයන් මරලා



නිරිත දිග පාකිස්ථානයේදී පසුගිය මැයි මාසයේදී පැහැරගනු ලැබූ චීන ජාතිකයින් දෙදෙනා ඝාතනය කළ බව අයි.එස්.අයි.එස් සංවිධානය පවසයි.

එම සංවිධානයට සම්බන්ධතා පවත්වන මාධ්‍ය ආයතනයක් මඟින් මේ බව තහවුරු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන චීන විදේශ අමාත්‍යාංශය පවසන්නේ අදාළ තොරතුර තහවුරු කර ගැනිම සඳහා දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන බවයි.

චීන ජාතිකයින් දෙදෙනා පැහැරගෙන ඇත්තේ පාකිස්ථානයේ ක්වාටාහි භාෂා මධ්‍යස්ථානයක උර්දු භාෂාව අධ්‍යනය සඳහා  ගොස් සිටියදී බව වාර්තා වෙයි

( තිළිණි ද සිල්වා )

ගල්ෆ් ටයිම්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS