අම්මයි දුවයි ගුවන් යානයක් පියාසර කරලා



ප්‍රධාන නියමුවා සහ සහාය නියමුවා ලෙස කටයුතු කරමින්, ගුවන් නියමු මවක සහ දියණියක ඇමෙරිකන් ගුවන් යානයක් පියාසර කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකන් ජාතික ගුවන් නියමු මව සහ දියණිය ඇමෙරිකාවේ ඩෙල්ටා ගුවන් සේවයේ නියමුවරියෝය. මොවුන් දෙදෙනා එක් වී පියාසර කර ඇත්තේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට ඇට්ලැන්ටාවේ ජෝර්ජියා තෙක්ය.

මෙම ගුවන් නියමුවරියන් ගැන විස්තර සහ ඡායාරූප පළමුවෙන් පළවූයේ ට්විටර් ඇතුළු සමාජ ජාල ඔස්සේය. ලොව ප්‍රධාන පෙළේ ගුවන් නියමුවන් ඇතුළු බොහෝ දෙනාගෙන් මෙම මව සහ දියණියට සුබ පැුම් හිමි වී ඇති බව පැවැසෙයි.

ලොස් ඇන්ජලීස්හිදිය (රොයිටර්ස්)


RECOMMEND POSTS