අන්තිම නිදහස් පුවත්පත විකුණයි



කාම්බෝජයේ එකම අපක්ෂපාතී පුවත්පත ලෙස සැළකුණු ‘නොම් පේ පෝස්ට්’ කෝටිපති ව්‍යාපාරිකයකු විසින් මිලදී ගනීමත් සමඟ පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදීන් බොහෝ දෙනකු ඔවුන්ගේ රැකියාවට සමුදී ඇතැයි වාර්තා වේ.

පුවත්පත මිලදී ගෙන ඇත්තේ ෂිවකුමාර් ගනප්ති නමැති මැලේසියා ව්‍යාපාරිකයාය. මොහු කාම්බෝජ රජය සමඟ සම්බන්ධ වී ගනුදෙනු රැසක් සිදු කර ඇත.

කාම්බෝජයේ මධ්‍ය නිදහස පිරිහී ඇති බවට චෝදනා එල්ල වෙයි. අපක්ෂපාතී අයුරින් සහ රජයට නොබියව පුවත් පළ කළ එකම ඉංග්‍රීසි පුවත්පත වූයේ ‘නොම් පේ පෝස්ට්’ යැයි පැවැසෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS