අධිවේගී අනතුරකින් තායි වැසියන් 25 ක් මරුට





තායිලන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත.

තායිලන්තයේ නැගෙනහිර ප්‍රදේශයේ අධිවේගී මාර්ගයකදීයි ඊයේ (03) සිදුවූ මෙම අනතුර සිදුව ඇති අතර වෑන් රථයක් හා කුඩා ට්‍රක් රථයක් ගැටීමත් සමග ගිනිගැනීම මෙම අනතුරට හේතුවී තිබේ.

පොදු මගී ප්‍රවාහන සේවයේ යෙදී තිබූ වැන් රථය පාලනය කරගත නොහැකිව පෙරලී ගොස් කුඩා ට්‍රක් රියේ ගැටී තිබෙනවා.අනතුරෙන් දෙදෙනෙකු දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ. වාහන දෙකේම රියදුරන් ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරට හේතුව තවමත් සොයාගැනීමට හැකිවී නැහැ.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....

 


RECOMMEND POSTS