අතුරුදන් සබ්මැරීනය සොයා මෙහෙයුම්



කාර්ය මණ්ඩලයේ 44 දෙනකු සමඟ අතුරුදන්වුණු ආජන්ටිනා නාවික හමුදාවට අයත් සබ්මැරීනය සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කර ඇත.

මීට දින කීපයකට පෙර, එනම් පසුගිය බදාදා දිනයේ හිටිහැටියේ සබ්මැරීනයෙන් රේඩියෝ සංඥා එවීම ඇණහිටියේය.

ඒ වනවිට එය අත්ලාන්තික් සාගරයේ දකුණු දෙස මුහුදේ යාත්‍රා කරමින් තිබුණු බව ද පැවැසෙයි.

ආජන්ටිනා ජනාධිපති මුරිසියෝ මාසි කළ ඉල්ලීමකට අනුව, සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට ජාත්‍යන්තරයේ ද සහාය හිමිවී තිබේ.

ඇමෙරිකාවේ නාසා ආයතනය ඔවුන්ගේ නවීනතම ආවේක්ෂණ උපාංගවලින් සමන්විත ගුවන් යානාවක් මෙහෙයුමට සම්බන්ධ කළ බව ද වාර්තා වේ.ඇමෙරිකාව සහ බි්‍රතාන්‍යයට අමතරව අසල්වැසි කලාපීය සහාය ද ආර්ජන්ටිනා නාවික හමුදාවට හිමි වෙයි.

අතුරුදන් වූයේ ඩීසල් සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයකි. එය දකුණු ඇමෙරිකාවට අයත් උෂුයියා නමැති කුඩා දූපත් වරායේ මෙහෙයුමකින් පසු නැවත පැමිණෙමින් සිටි බව ආජන්ටිනා නාවික හමුදාව කියයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS