අඩි 8 ක් දිග දැවැන්තයා



පිලිපීනයේ ත්වායි ත්වායි දූපතේ ධීවරයන් පිරිසකට යෝධ ධවල දැල්ලෙකු අල්ලා ගැනීමට හැකි වී ඇතැයි ඬේලිමේල් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම දැවැන්තයාගේ දිග අඩි 8 කි. සිරුර දීප්තිමත් සුදු පැහැයෙන් යුක්තය. ධීවරයන් පවසා ඇත්තේ මෙවැනි දැවැන්ත දැල්ලකු ඔවුන්ට අල්ලා ගන්න ලැබුණු පළමු අවස්ථාව මෙය බවය.

ත්වායි ත්වායි දූපත් වැසියෝ වෙරළට ගෙවා දැල්ලා නැරැඹීමට වැල නොකැඩී පැමිණි බවත්, මියගිය දැල්ලා සමඟ ‘සෙල්ෆි’ ඡායාරූප ගැනීමටත් අමතක නොකළහ.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS