අඟහරු ගවේෂණයට නාසා රොබෝ යානයක්



යානය පෘථිවි කක්ෂයට යැවුණේ ඇට්ලස් රොකට්ටුවක ආධාරයෙනි. රොකට්ටුවෙන් වෙන් වුණු යානය අඟහරු බලා ගමන් ආරම්භ කළ අතර ලබන වසරේ එය අඟහරු මතට ගොඩබෑමට නියමිතය. යානයේ ප්‍රධාන අරමුණ වන්නේ අඟහරු මත ජීවය ඇතිදැයි සෙවීමය.

දින 11 ක් ඇතුළත පෘථිවියෙන් අඟහරු ගවේෂණයට යානාවක් යැවුණු තෙවැනි අවස්ථාව ද මෙය යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

මීට පෙර එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ජපානයේ සහාය ඇතිව රොබෝ යානයක් අඟහරු වෙත යැවීය. ඉන්පසු චීනය ඔවුන් විසින් නිර්මාණය කළ රොබෝ යානයක් අඟහරු වෙත යැවීය.

කැනැවරල් තුඩුවේදීය (රොයිටර්)


RECOMMEND POSTS