අග්‍රා නගරයේ යතුර ට්‍රම්ප්ට



ඉන්දියාවේ අග්‍රා නුවරට පැමිණෙන ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහත් හරසරින් පිළිගනිමින්, ඔහුට ‘අග්‍රා නගරයේ යතුර’ ප්‍රධානය කරන බව අග්‍රා පුරපති නවීන් කේ. ජයින් පවසා ඇත.

ටාජ් මහල පිහිටා ඇත්තේ අග්‍රා නගරයේය. ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් හෙට (24) ඉන්දියාවට පැමිණ ටාජ් මහල නැරැඹීමට ද යනු ඇත. ට්‍රම්ප් සමඟ බිරිඳ මෙලානියා, පළමු කසාදයේ දියණිය ඉවන්කා ඇගේ සැමියා ජෙරාඞ් කුෂ්නර් ද ඉන්දීය සංචාරයට පැමිණෙනු ඇත.

‘අග්‍රා නගරයේ යතුර’ රිදීවලින් නිර්මාණය කළ ග්‍රෑම් 600 ක් බර එකකි. එය ට්‍රම්ප්ට පිරිනැමෙනු ඇත්තේ, ට්‍රම්ප්ගේ පැමිණිම අගය කරමිනි. එය පුරාණ සම්ප්‍රදායක් බවත්, ගුවන්තොටුපොළේ දී ‘යතුර’ පිරිනැමීම සිදු කරන බවත්  අග්‍රා පුරපති නවීන් කේ. ජයින් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS