අගමැතිගේ වත්කම් ගැන පරීක්ෂණයක්



පාකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ්ගේ පවුලේ වත්කම් පිළිබඳව එල්ල වෙමින් පවතින ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

රටේ ඉහළම අධිකරණය එම තීරණයට එළඹුණේ මෙතරම් දේපොළ රැස් කළේ කෙසේද යන්න හෙළිකිරීමට අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අපොහොසත් වූ බව පරීක්ෂණයකින් නිගමනය කරනු ලැබීමෙන් අනතුරුවය.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර නිවාස මිලදී ගැනීම පිණිස අගමැති නවාස් ෂරීෆ්ගේ දරුවන් විදේශීය සමාගම් යොදාගෙන ඇතැයි පැනමා ලිපිගොනුවලින් අනාවරණය වී තිබුණි.

අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයන් අනිසි ලෙස උපයාගත් මුදල් අදාළ සමාගම්වල තැන්පත් කළා විය හැකි බවට ඉන් අනතුරුව චෝදනා එල්ල විය.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS