අගමැති මෝදි පැරිසියේ



ප්‍රංශයේ පැරිස් නුවරදී ප්‍රංශ නව ජනපති ඉමැනුවෙල් මැක්රොන් හමුවෙමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කියා සිටියේ ඉතිහාසයේ අන්කවරදාටත් වඩා ඉන්දියාව සහ ප්‍රංශය අතර සබඳතා ශක්තිමත් වී ඇති බවය.

ගෝලීය උණුසුම පිටුදැකීමේ පැරිස් සමුළුවට ඉන්දියාවේ සහාය නිසැකවම හිමිවන බවත්, ඉන්දියාව සහ ප්‍රංශය අතර බැඳීම එම සමුළුවට වඩා ශක්තිමත් බවත් ඉන්දීය අගමැතිවරයා පැවැසීය.

අගමැති මෝදි මෙසේ පවසා සිටියේ ප්‍රංශ ජනාධිපති මැක්රොන් සමඟ මාධ්‍ය හමුවකට එක් වෙමිනි. ජනපති ධුරයට පත්වීමෙන් පසු මැක්රොන්, ඉන්දීය අගමැති මෝදි හමුවුණු පළමු අවස්ථාව මෙය විය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS