අගමැති මෝදි නේපාලයේ



දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නේපාලයට පැමිණියේය.

මෝදි අගමැති ධුරයට පත් වීමෙන් පසු, නේපාලයේ සංචාරයක යෙදෙන තෙවැනි අවස්ථාව මෙයයි. ඉන්දීය අගමැතිවරයා රැගත් ගුවන් යානය ගොඩබෑවේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිට කිලෝ මීටර් 225 ක් දුරින් පිහිටි ජනක්පූර් නුවරටය.

නේපාල අගමැති කේ පී ෂර්මා ඔලීගෙන්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

පසුගිය මාසයේ නේපාල අගමැති කේ පී ෂර්මා ඔලී ඉන්දියාවේ නවදිල්ලියේ සංචාරයක නියැළිණි. එහිදී නේපාලයේ සංචාරයකට යළි පැමිණෙන්නැයි ඔහු මෝදිට ඇරැයුම් කළේය. මෝදි නේපාලය බලා පැමිණියේ ඒ අනුවය.
නේපාල සංචාරයේ දී හින්දු පූජනීය ස්ථාන කිහිපයක සංචාරක කිරීමට අගමැති මෝදි බලාපොරොත්තු වෙයි. ඉන්දීය අගමැති මෝදි වෙනුවෙන් විශේෂ ආරක්ෂවක් ද ලබා දී ඇත.

නේපාලය සහ ඉන්දියාව අතර යහපත් සබඳතා පවතින බවත්, එය මෙම සංචාරයේ දී තව තවත් ශක්තිමක් වනු ඇති බවත් අගමැති මෝදි මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS