650,000 පසු කරයි



 නව කොරෝනා වයිරස වසංගතයෙන් ගෝලීය මියගිය ගණන 650,000 ඉක්මවා ගොස් තිබේ.

එම මරණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් වාර්තා වන්නේ යුරෝපයෙනි. ගෝලීය අර්බුදය රැසක් ඇති කළ ‘කොවිඩ්-19’ යනුවෙන් හැඳින්වෙන නව කොරෝනා වයිරසය චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්තට වීමට පටන් ගත් බව කියැවේ.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ව්‍යාප්ත වීමට ගත් මෙම නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට මාස හතක කාලයක් ඇතුළත 650,011 දෙනකු මරණයට පත්ව ඇත.

ලොව නන්දෙසින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 16,323,558ක් වන අතර සුවය ලබා ඇති පිරිස 9,190,345කි. වයිරසය ආසාදනය වීමෙන් ඉකුත් 9 වැනිදා සිට මේ දක්වා කාලයේදී 100,000කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇති අතර ගෝලීය කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන මාස දෙකක් ඇතුළත දෙගුණ වී ඇත.

ඒ.එෆ්.පී.


RECOMMEND POSTS