2020 ඔලිම්පික් ගැන අර්බුදයක්



2020 ඔලිම්පික් උළෙල ජපානයේ පැවැත්වීමට නියමිත අතර, චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිරෙවන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඔලිම්පික් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් සැකයක් මතු වී ඇත.

චීනයෙන් ව්‍යාප්ත වූ කොරෝනා වයිරසය ජපානයට පැතිර ගොස් ඇති අතර, කොරෝනා ආසාදිත මරණයක් ද ජපානයෙන් වාර්තා වී තිබේ.

2020 ඔලිම්පික් උළෙල ජපානයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතින අතර, එය වෙනස් කිරීමක් කෙරෙහි මෙතෙක් අවදානය යොමු වී නොමැති බව ඔලිම්පික් කමිටුව මාධ්‍ය හමුවකදී පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS