මීළඟ කොරෝනා අපිකේන්ද්‍රය ඇමෙරිකාව



ඉතාලියෙන් පසු ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ මීළඟ කේන්ද්‍රස්ථානය වනු ඇත්තේ ඇමෙරිකාව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. ඉතාලියට පසු වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි.

ඊයේ (24) වනවිට ඇමෙරිකාවෙන් වර්තා වූ ආසාදිතයන් සංඛයාව 55,000 ඉක්මවා තිබුණි. ඇමෙරිකාවේ නිව්යෝක් නුවරින් පමණක් මරණ 200 ක් වාර්තා වේ. මුළු ඇමෙරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 800 ට ආසන්නය.

ඇමෙරිකාවේ සෑම ජනපදයකින්ම ‘කෝවිඞ් 19’ ආසාදිතයන් හමුවී ඇති අතර ජනපද මට්ටමින් ‘ලොක් ඩවුන්’ කිරීම් සිදුවන බව පැවැසෙයි. මේ අතර ඇමෙරිකාව ලොක් ඩවුන් කිරීම කෙරෙහි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ අවධානය යෙමු වී නැත. ඇමෙරිකන් ජනාධිපති ට‍්‍රම්ප් දෛනික මාධ්‍ය හමුවේදී පවසා ඇත්තේ ලබන අපේ‍්‍රල් මාසය වනවිට කඩා වැටුණු දෛනික කටයුතු යළි ආරම්භ කළ යුතු බවය.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS

RELATED POSTS