හැරී-මෙගාන් කැනඩාවේ



රජ පවුලෙන් ඉවත්වුණු හැරී කුමරු, බිරිඳ මෙගාන් මාර්කෙල් සහ පුතු ආර්චී අද (21) සිට කැනඩාවේ වැන්කුවර් නුවර, ඔවුන්ගේ නව නිවසේ පදිංචිය ආරම්භ කළේය.

මත ගැටුම්වලින් පසු, රජ පවුලෙන් ඉවත් වී, නම්බු නාම අත්හැරීමෙන් පසු, හැරී කුමරු පෙරේදා (20) ලන්ඩන් සිට වැන්කුවර් නුවර බලා පැමිණි බව වාර්තා විය. ඒ, මෙගාන් සහ ආචී නොමැතිව සති දෙකක් මහා බි‍්‍රතාන්‍යයේ ගත කරමිණි.

රජ පවුලෙන් ඉවත් වුවත්, හැරී සහ මෙගාන් යුවල දිගටම සසෙක්ස් ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාමයෙන් හැඳින්වෙන බව දෙවැනි එලිසබත් මහ රැුජින පවසා ඇත. කෙසේ නමුත් හැරී මෙගාන් සහ ආර්චී මින් ඉදිරියට මහ රැජිනගේ අරමුදලින් ජීවත් වන්නේ නැත.

වැන්කුවර් නුවර වය නිවසක පදිංචි මෙගාන්, සැමියා හැරී කුමරු පිළිගැනීමට වැන්කුවර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යෑමට පෙර, පුතු ආර්චී වඩාගෙන බලූ සුරතලූන් සමඟ හෝර්ත් හිල් උද්‍යානයේ ඇවිද යන අයුරු දැක්වෙන පැපොරාසි ඡයාරූප ශිල්පීන්ගේ ඡයාරූප පෙළක් ඬේලිමේල් වෙබ් අඩවියේ පළ වී තිබුණි.

වැන්කූවර් නුවරදීය (ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS