සූරපප්පා නිර්මාතෘ මියයයි



සිරස නාළිකාවේ ‘සූරපප්පා’ ලෙස ලෙස විකාශය වන ‘ඇස්ටි‍්‍රක්ස්’ කාටූන් කතා මාලාවට පාදක වූ ‘ඇස්ටි‍්‍රක්ස්’ චිත‍්‍රකතා පොත් පෙළේ චිත‍්‍ර ශිල්පියා ඇල්බේ උඩෙර්සෝ මෙලොවින් සමුගත්තේය. ඔහුගේ වනයස අවුරුදු 92 කි.

ප‍්‍රංශ ජාතික ඇල්බේ උඩෙර්සෝ මියගියේ හෘදයාබාධයකිනි. රෝමවරුන්ට එරෙහි ගෝල් වැසියන්ගේ (ප‍්‍රංශ වැසියන්) කතාව හෙවත් ඇස්ටි‍්‍රක්ස් චිත‍්‍රකතා නිර්මාණයට සම්බන්ධ වූයේ නිර්මාණකරුවන් දෙදෙනකි.

ඇස්ටි‍්‍රක්ස් කතා ලියුවේ රෙනේ ගොසිනි ය. චිත‍්‍ර ඇන්දේ ඇල්බේ උඩෙර්සෝ ය. ඒ, 1959 වසරේ පටන් ය. ගොසිනි 1977 දී මෙලොවින් සමුගත්තේය. ඉන්පසු උඩෙර්සෝ තනිවම ඇස්ටි‍්‍රක්ස් කතා කිහිපයක් නිර්මාණය කළේය.

ඇස්ටි‍්‍රක්ස් චිත‍්‍රකතා පොත් භාෂා රැසකට පරිවර්තනය වී ඇත. ලොව පුරා පිටපත් මිලියන 370 ක් විකිණී අවසන්ය.

(රොයිටර්)


RECOMMEND POSTS