සුළි කුණාටුව චීනයේ 32 ක් බිලි ගනිති



චීනායේ නැගෙනහිර පළාත් කැළඹීමට සමත් වූ ‘ලෙකීමා’ සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛයාව 32 තෙක් ඉහළ ගොස් ඇති බවත් ලක්ෂ ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත් චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

‘ලෙකීමා’ සුළි කුණාටුව, චීනයේ සෙජියැං පළාත හරහා හමා ගියේ පසුගිය 10 වැනිදාය. සුළි කුණාටුව හේතුවෙන් පළාත් රැසක් ජලයෙන් යටවුණු අතර, නායයෑම් රැසක් ද වාර්තා විය. සුළි කුණාටුව චීනයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 187 ක වේගකිනි.

උන්හිටි තැන් අහිමි වුණු පිරිස් සහන කඳවුරු වෙත යොමු කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් පියවර ගත් බව චීන රජය පවසා ඇත. විපතට පත්වූවන් මුදා ගැනීමට හමුදාව යොදවා ඇත.

ෂැංග්හායිහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS