සිරකරුවෝ 200 ක් පනිති



අප්‍රිකාවට අයත් උගන්ඩාවේ බන්ධනාගාරයකින්, සිරකරුවෝ 200 දෙනකු පලා ගොස් ඇතැයි වාර්තා වේ.
සිරකරුවන් පලා ගොස් ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ට පහර දෙමිනි. සිරකරුවන්ගේ ප්‍රහාරයට හසුවීමෙන් එක් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වූහ.

බන්ධනාගාර නිලධාරීන් සතු ගිනි අවි 15 ක් ද සිරකරුවන් රැගෙන ගොස් ඇති බව ද පැවැසෙයි. පැනගිය සිරකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කළ බවත් ඊයේ (16) සවස් වනවිට සිරකරුවන් දෙදෙනකු අල්ලා ගත් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්න්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කම්පාලාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS