සාමයට වඩා යුද්ධ කිරීම පහසුයි



විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ නම්, ඇෆ්ගන් රජය සමඟ සටන් විරාමයකට තමන් සූදානම් බවත්, සාමයට යෑම යුද්ධ කරනවාට වඩා අසීරු කාර්යයක් බවත් ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ සාම නියෝජිත ෂෙයිර් මොහොමද් අබ්බාස් ස්ටැනිකාසී කියයි.

ඇෆ්ගන් තලේබාන් සංවිධානය කටාර් රාජ්‍යයේ දෝහාහි සාම කාර්යාලයක් පිහිටුවා ඇත. තලේබාන්වරුන් සහ ඇමෙරිකා විශේෂ සාම නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වෙන්නේ මෙම කාර්යාලය හරහාය. තලේබාන් සාම කාර්යලයේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ ෂෙයිර් මොහොමද් අබ්බාස් ස්ටැනිකාසීය.

ස්ටැනිකාසී මේ වනවිට රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන විශේෂ සමුළුවකට සහභාගී වන අතර, ඔහු අදහස් දැක්වූයේ බී.බී.සී. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

කාබුල්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS