සරණාගතයන් ගැන සොයා බලන්න



බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල වෙසෙන මියන්මාර රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් ගැන සොයා බලන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් බංග්ලාදේශ රජයට දන්වා ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙසේ පවසා ඇත්තේ, එම සරණාගතයන් අතරින් ‘කොවිඞ් 19’ ආසාදිතයන් වාර්තා වීමත් සමඟය. බංග්ලාදේශ රජය මෙම සරණාගතයන් රඳවා තබා ඇත්තේ බෂාන් චාර් නමින් හැඳින්වෙන කුඩා දූපතේය. මෙම දූපතේ සරණාගතයන් 308 දෙනකු සිටින බව වාර්තා වේ.

මොවුන් රැකියා සොයා බංග්ලාදේශයට පැමිණෙන අතර ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇත්තේ එහෙයිනි. බංග්ලාදේශයේ ‘කොවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 23,870 කි. මරණ 349 ක් වාර්තා වන අතර සුවය ලැබූ ගණන 4,585 ක් ලෙස පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS