සටන් විරාමය මැද තලේබාන් ප්‍රහාරයක්



නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඇෆ්ගන් මුස්ලිම් වැසියන් ද ඊද් අල්-අදා සැමරුම් රට පුරා පැවැත්වෙන අවස්ථාවක මෙම බෝම්බ පිපිරීම සිදුවිය.

ඊද් අල්-අදා සැමරුම් වෙනුවෙන් තෙදින සටන් විරාමයකට ඇෆ්ගන් තලේබාන්වරුන් සහ ඇෆ්ගන් රජය එකඟ වී ඇත. බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇෆ්ගන් තලේබාන් සංවිධානයට කීකරු නොවන තලේබාන් ත්‍රස්ත කල්ලියක් යැයි පැවැසෙයි.

කාබුල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS