වෛද්‍යවරයාගේ පියා මියගිහින්



තායිලන්ත ලෙන තුළ සිරවුණු පාසල් පා පන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ පුහුණුකරු මුදා ගැනීම සිදුකරමින් සිටියදී ස්වේච්ඡාවෙන් මෙහෙයුමට සම්බන්ධ ඕස්ටේලියා කිමිදුම්කරු වෛද්‍ය රිචඞ් හැරිස් පියා අභාවප්‍රාප්ත විය.

මෙය සිදුවූයේ පසුගිය 10 වැනිදා, මෙහෙයුමේ අවසන් දිනය දා ය. ඒ වනවිට දරුවන් සිවු දෙනෙක් සහ පුහුණුකරු ලෙන තුළ සිරවී සිටියහ.

සෙසු කිමිදුම්කරුවන් පියා අභාවප්‍රාප්ත වූ පුවත හැරිස්ට පවසා ඇති නමුත්, අවසන් දරුවන් පිරිස සහ පුහුණුකරු ආරක්ෂිතව පිටතට ගෙන යනතුරු තමන් මෙහෙයුමෙන් ඉවත් නොවන බව හැරිස් පවසා ඇත.

ඒ අනුව අවසන් දරුවන් සිවු දෙනා, පුහුණුකරු පමණක් නොව, සෙසු කිමිදුම්කරුවන් ද ලෙනින් ඉවතට ගැනීමෙන් පසු අවසානයට පිටතට කිමිදී ආවේ හැරිස් ය. හැරිස් දක්ෂ ලෙන් කිමිදෙන කිමිදුම්කරුවෙකු පමණක් නොව, නිර්වින්දන වෛද්‍යවරයකු ද වෙයි.

හැරිස් මෙහෙයුමට සම්බන්ධ වූයේ බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන්ගේ ඇරැයුමට අනුවය.  දරුවන් පිටතට ගැනීම සිදුවූයේ ද හැරිස්ගේ තීරණයට අනුවය. ඔහු මෙහයුම සිදුවුණු තෙදින දරුවන් සහ පුහුණුකරු අසල රැඳී සිටි කිමිදුම්කරුවන් අතරින් කෙනකු ද වෙයි.

 


RECOMMEND POSTS